Lapatiya

වතු කම්කරුවන් අද සිට සෙමින් වැඩ 0

වතු කම්කරුවන් අද සිට සෙමින් වැඩ

වතු කම්කරුවන් අද සිට සෙමින් වැඩ

දිවයින පුරා තේ වතු ආශ්‍රීතව වැඩකරන කම්කරුවන් අද(06) සිට සෙමින් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

දැනට වතු කම්කරුවෙකුට දෛනිකව රුපියල් 485ක වැටුපක් හිමිවන අතර, එය රුපියල් 1000ක් දක්වා වැඩි කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මීට පෙර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡා පැවති අතර, ඒවා විසඳුමකින් තොරව අවසන්වි ඇත.

මේ නිසා අඛන්ඩව සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඒ.පී. ශක්තිවේල් සඳහන් කළේ.

කෙසේ වෙතත් ලංකා ජාතික වතු කම්කරු සංගමය සඳහන් කළේ ආරම්භ කර ඇති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දේශපාලන වාසි තකා ක්‍රියාත්මක කරන බවයි.

දිනකට තේ දළු නෙලන්නියක් අමු තේ දළු කිලෝ 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් නෙළිය යුතු අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තේ දළු කිලෝ 5 ක් පමණක් නෙළීම සිදුකරන බවයි වාර්තා වන්නේ.

මහින්දවාදීන් මල් පොහොට්ටුවෙන් එන්න සැරසෙයි 0

මහින්දවාදීන් මල් පොහොට්ටුවෙන් එන්න සැරසෙයි

මහින්දවාදීන් මල් පොහොට්ටුවෙන් එන්න සැරසෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන පිරිසට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නොහැකිවන්නේ නම් අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණෙන් තරග කිරීමට සැරසෙන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එහි ජන්ද ලකුණ වන්නේ මල් පොහොට්ටුව බවද වාර්තා වේ.

මේ වන විට මහින්දවාදීන් අදාල පක්ෂය යටතේද නාම යෝජනා සඳහා අත්සන් තැබීම හිටපු ජනපතිවරයාගේ මිරිහාන නිවසේදි සිදුකරන බවද පැවසේ.

අදාල සංවිධාන කටයුතු සිදු කරනු ලබන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද වාර්තා වේ.

අපේ ජාතික පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් නොකළ හොත් අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ඡන්ද පත්‍රිකාවේ මුලටම පැමිණෙන බවද මේ අතර වාර්තා වේ.

අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ ඡන්ද ලකුණ වෙනස් කරගෙන ඇත්තේ මීට දෙසතියකට ඉහතදී බවද පැවසේ.

මෛත‍්‍රී රකින්න අප සූදානම්.. මල්වානේ රඹුටන් වේදිකාවක් මතදී ප‍්‍රසන්න කියයි.. 0

මෛත‍්‍රී රකින්න අප සූදානම්.. මල්වානේ රඹුටන් වේදිකාවක් මතදී ප‍්‍රසන්න කියයි..

යහපාලන අච්චාරු ආණ්ඩුවේ ආයු කාලය අවසන් බවත්, අගොස්තු 17 වනදායින් පසු රට තුළ බිහිවන්නේ මෛතී‍්‍ර, මහින්ද ස්ථාවර

උපාධිධාරීන්ට දුන් නුසුදුසු රාජකාරි ගැන පැමිණිල්ලක් 0

උපාධිධාරීන්ට දුන් නුසුදුසු රාජකාරි ගැන පැමිණිල්ලක්

උපාධිධාරීන්ට දුන් නුසුදුසු රාජකාරි ගැන පැමිණිල්ලක්

රාජ්‍ය සේවයට හා පළාත් රාජ්‍ය සේවයට අදාළව බඳවා ගත් උපාධිධාරීන්ට සුදුසු නොවන රාජකාරි පැවරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් අද (06) ඉදිරිපත් කළ බව රැකියාලාභී උපාධිධාරී සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසී ය.

ඔහු සඳහන් කළේ වරින් වර බඳවා ගත් උපාධිධාරීන්ට රාජකාරී පැවරීම සම්බන්ධයෙන් 2013/ 2014 චක්‍රෙල්ඛය පවා උල්ලංඝණය කරමින් නිලධාරීන් විසින් බඳවා ගනු ලබන උපාධිධාරීන් නොසලකා හැර කටයුතු කරන බවයි.

‘2005 වසරේ සිට මේ දක්වා බඳවා ගත් උපාධිධාරීන් එක් ලක්ෂ දහදහසක් රාජ්‍ය සේවයේ සිටිනවා.

මෙම පිරිස් වලට ලිපිකරු එහෙම නැතිනම් කාර්යාල කාර්ය සහායක හෝ යම් ආකාරයක කම්කරු වෘත්තීන් තමයි පැවරී තියෙන්නේ.

මේ සම්බන්ධයන් අප දිගින් දිගටම සාකච්ඡාවලදී පෙන්වා දුන්නත් නිසි පිළිතුරක් ලැබී නෑ.

අප මේ පිළිබඳ මානව හිමිකම් ‍කොමිසමට පැමිණිලි කරීමට තීරණය කළේ එනිසා‘ යැයි චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් පැවසී ය.

වීරවංශලා ශ‍්‍රීලනිපය හයිජැක් කරලා.. දැන් ශ‍්‍රීලනිපයක් නෑ.. 0

වීරවංශලා ශ‍්‍රීලනිපය හයිජැක් කරලා.. දැන් ශ‍්‍රීලනිපයක් නෑ..

දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් නැති බවත් වාසුදේව දිනේෂ් වීරවංශ එම පක්‍ෂය හයිජැක් කර ඇති බවත් ඇමති ලක්‍ෂමන්

සිකුරු-බ‍්‍රහස්පති සංයෝජනයෙන් බෙත්ලෙහෙමේ තරුව වැනි දසුනක් 0

සිකුරු-බ‍්‍රහස්පති සංයෝජනයෙන් බෙත්ලෙහෙමේ තරුව වැනි දසුනක්

රාත‍්‍රි අහසේ දිස්වන දීප්තිමත්ම ග‍්‍රහලෝක යුගලය වන සිකුරු හා බ‍්‍රහස්පති අතර දුර්ලභ ගණයේ සංයෝජනයක් සිදුව ඇත.