Lapatiya

පිස්තෝලයක් සහිතව මෛත්‍රීපාල ළඟටම ආවාද? මෙන්න ඇත්ත. 0

පිස්තෝලයක් සහිතව මෛත්‍රීපාල ළඟටම ආවාද? මෙන්න ඇත්ත.

අඟුණුකොළපැළැස්ස්සේ පැවතුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජිත සම්මේලනයයි. නමුත් එයට සියලුම මහජනතාවට

ව්‍යවස්ථාදායක සභාව බකල් කිරීමේ කුමන්ත්‍රනයක් ! 0

ව්‍යවස්ථාදායක සභාව බකල් කිරීමේ කුමන්ත්‍රනයක් !

ව්‍යවස්ථාදායක සභාව බකල් කිරීමේ කුමන්ත්‍රනයක් !

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව යෝජනා කර ඇති ස්වාධින කොමිෂන් සභාවලට පුද්ගලයින් නිදේශ කරන ව්‍යවස්ථාදායක සභාව දේශපාලනන්කරණය කිරීම සඳහා ‘මහින්දවාදින්’ බලවත් උත්සහයක් දරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

‘මහින්දවාදින්’ වන විමල් – දිනේෂ්- වාසු කල්ලිය සහ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම කුමන්ත්‍රණය දියත්කරමින් සිටියි.

‘මහින්දවාදින්’ ඊයේ දහවල් හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසට රැස්වී මේ සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු නැවත ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන අතර ඒ සඳහා සාමාජිකයන් පත් කරන ව්‍යවස්ථාදායක සභාව ද බලාත්මක වේ.

මෙම ව්‍යවස්ථාදායක සභාව සමන්විත වන්නේ ජනාධිපති, අගමැති, කතානායක, විපක්ෂ නායක යන පුද්ගලයන්ගෙන් සහ නම් කරන ලද විද්වත් පිරිසකගෙනි. ඔවුන් විසින් අදාල කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කරනු ලබයි.

ව්‍යවස්ථාදායක සභාව සඳහා විද්වතුන්ට හිමි සාමාජිකත්වය මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙස බලපෑම් කිරීමට ‘මහින්දවාදීන්’ තීරණය කර ඇත. නියමිත ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු අඩපන කොට එය අඩපන කිරීම ඔවුන් අරමුණ වී තිබේ.

මාධ්‍ය නිදහසට බාධා වු වගන්ති 19න් ගැලවෙයි 0

මාධ්‍ය නිදහසට බාධා වු වගන්ති 19න් ගැලවෙයි

මාධ්‍ය නිදහසට බාධා වු වගන්ති 19න් ගැලවෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දී අද විවාදයට ගත් අවස්ථාවේදී, ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශයන්ට පටහැනිව කිසියම් නව සංශෝධන කිහිපයක් ඊට ඇතුලත් කර ඇතැයි ඇතැම් පාර්ශ්වයන්ගෙන් විරෝධතා ඉදිරිපත් විය. අදාල සංශෝධන නිසා මාධ්‍ය නිදහස තර්ජනයට ලක්වන බවද එහිදී දිගින් දිගටම ප්‍රකාශ විය.

මේ පිළිබඳ අදහස් දක්වමින් විවාදය ආරම්භ කිරීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ප්‍රශ්න ගත මෙම සංශෝධන 19 වැනි සංශෝධනයෙන් ඉල්ලා අස්කර ගන්නා බවයි.

ඒ අනුව, පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ වගන්තිය ඉවත් කිරීමට තීරණය කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මෙම විවාදයේදී පළමුවෙන් අදහස් දැක්වුයේ ජනාාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

විවාදය ආරම්භ කිරීම සඳහා කථානායක චමල් රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළේය. පළමුවෙන් අදහස් දැක්වීම සඳහා ජනාධිපතිවරයාට ආරාධනා කළේ අග්‍රාමාත්‍යවරයා විසිනි.

කෙසේවෙතත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඊට බාධා කරමින් වරප්‍රසාද ප්‍රශ්නයක් නැගීමට උත්සහ කළේය. මෙහිදී සභාවේ තරමක ඝෝෂාකාරී තත්ත්වයක් ඇතිවිය.

ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක් :

සභාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යනු මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක් බවයි. 13 වැනි සංශෝධනය හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙතෙක් සිදුකෙරුණු අනෙක් සෑම සංශෝධනයකදීම විධායක ජනාධිපතිවරයාගේ බලතල වැඩි කෙරුණු බවද 19 වැනි සංශෝධනය මෙම ප්‍රවණතාව ආපසු හරවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

19 වැනි සංශෝධනයට සහ සිය පාලනයට පාර්ශ්ව රැසකින් සහය හිමිවු බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. විශේෂයෙන්ම ජාත්‍යන්තරය දිනා ගැනීමට සමත්වීම වත්මන් ආණ්ඩුව ලැබු විශාල ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයා පැවසිය.

ජනාධිපති වෙස්සන්තර වෙලා :

විපක්‍ෂය වෙනුවෙන් මෙම විවාදයට මුලින්ම එක්වුයේ විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතායි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ඊට සහය වු සියලූ දෙනා වීරයන් වන බව ඔහු කියා සිටියේය.

වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙස්සන්තර බවට පත්ව ඇතැයි ද විපක්‍ෂ නායකවරයා මෙහිදී පැවසිය.

‘හැගීම්බර නොවී බුද්ධියට තැන දෙමින් තීන්දුවක් ගන්න’ -කරු 0

‘හැගීම්බර නොවී බුද්ධියට තැන දෙමින් තීන්දුවක් ගන්න’ -කරු

'හැගීම්බර නොවී බුද්ධියට තැන දෙමින් තීන්දුවක් ගන්න' -කරු

හැගීම්බර නොවී රටේ මතු දියුණුව අනාගත පරම්පරාව ගැන අවධානය යොමු කරමින් බුද්ධියට තැන දෙමින් ව්‍යවස්ථා සංශෝධනය පිලිබදව තීන්දුවක් ගන්නා ලෙස බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන,පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය යහපාලනය පිළිබඳ අමාත්‍ය ගරු කරු ජයසූරිය මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලීමක් කළේය.

ඔහු එම ඉල්ලීම කලේ 19 වන සංශෝධනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.

ගරු කථානායකතුමනි,

ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන්නන් හැටියට මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනය මහපොළොවේ ඇත්තක් කිරිම සම්බන්ධයෙන් පුළුල් සමාජ වගකීමක් අපට පැවරී තියෙනවා. පසු ගිය කාලයේ මේ වෙනුවෙන් දිගින් දිගටම කථා කළ මෙහි වැදගත්කම අවධාරණය කළ දේශපාලනඥයෙක් හැටියට මෙම 19 වන සංශෝධනය නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය රට තුල තහවුරු කිරීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලෙස මා සලකනවා.

අනෙක් අතට මෙම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් සහාය දැක්වූ සියළු පක්ෂ, කණ්ඩායම් හි ඉල්ලීමක්. ජනවාරි 08 වනදා පැවැති ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ මේ සියල්ල දෙස බලල යි. ඒ නිසා ම පොරොන්දු ප්‍රකාර වූ ආකාරයට නියමිත කාල රාමුව තුල එය සැබෑවක් බවට පත් කිරීමේ යුතුකමක් වගකිව යුතු රජයක් හැටියට අපිට පැවරී තියෙනවා.

නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ඇතුළු අධිකරණයේ ස්වාධීනත්වය, පොලිසිය ඇතුළු රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, යහපාලනය හා දූෂණය පිටු දැකීමට අදාළව වැදගත් ප්‍රතිපාදන රැසක් මේ ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලත්ව තියෙනවා. රාජ්‍ය සේවා, අධිකරණ, පොලිස්, මැතිවරණ, විගණන, ජාතික ප්‍රසම්පාදන වැනි ස්වාධීන කොමිෂන් සභා මේ හරහා ස්ථාපිත කිරීමට කටයුතු කර තියෙනවා. ඒ තුලින් එම ක්ෂේත්‍ර කෙරෙහි සෘජුව ජනාධිපතිවරයාට සිදු කළ හැකි බලපෑම් වැළැක්වීමට කටයුතු කර තියෙනවා.

එසේම ජාතික ප්‍රසම්පාදන කොමිසම වැනි ආයතනයක් හරහා රජයේ ටෙන්ඩර් කැදවීමේ ක්‍රියාවලිය සාධාරණ හා පාරදෘශ්‍යභාවයෙන් යුතුව සිදු කළ හැකි වටපිටාවක් නිර්මාණය වෙනවා. දූෂණය හා නාස්තිය රජ කළ සමාජයක ශිෂ්ඨත්වය කරා අප යන ගමනේ දී ඒ සියල්ල වැදගත් කාරණා බවට නිතැතින්ම පත් වෙනවා.

විරුද්ධ වීමට නොහැකියි :

ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට, යහපාලනයට එකඟ කිසිදු මහජන නියෝජිතයෙකුට මීට විරුද්ධ වීමට තරම් සදාචාරමය හෝ ප්‍රතිපත්තිමය කාරණාවක් තිබිය නොහැකියි.

මේ රටේ සිවිල් සමාජ කණ්ඩායම් උගතුන් බුද්ධිමතුන් පසුගිය කාලයේ නිරතුරුවම පෙන්වා දුන් තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගැනීම මෙමගින් තහවුරු කර තියෙනවා.

එසේම, අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් එක රැයකින් ගෙන ආ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන මේ හරහා අහෝසි කර තියෙනවා. රටකට ඉදිරියට යෑමට මෙවැනි වෙනස්වීම් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි.

ඇත්තටම මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම හරහා රටට හා ජනතාවට අත්වන වාසියට වඩා එය සිදු නොවුනහොත් ඇති වන පාඩුව පිලිබඳවත් මේ ගරු සභාවේ අවධානය යොමු කිරීමට මම කැමතියි.

පසුගිය කාලයේ ජනාධිපතිවරයා විසින් රටේ ප්‍රධාන නිලතලවලට කරනු ලැබූ අත්තනෝමතික පත් කිරීම් නිසා මේ රටට ගෙවන්නට වූ වන්දිය අතිමහත් ය කියන එක අමුතුවෙන් විස්තර කළ යුතුව නැති තරම්.

උදාහරණයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ පාලනයට පත් කිරීම හරහා රටේ නීතියේ ආධිපත්‍යයට එල්ල වූ ප්‍රහාරය මාරාන්තික එකක්.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට ජනවරමක් :

ජනවාරි 08 වැනිදා මේ රටේ පාලනයේ වෙනසක් කළේ ඒ තත්ත්වය වෙනස් කිරීමට මිස එය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොවන බව අප තේරුම් ගත යුතුයි. හුදු බාල ජනප්‍රියත්වය වෙනුවෙන් ඇතැමුන් මේ සම්බන්ධව කවර මත දැරුවත් මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ජනවරමක් ලැබුණු බව අප අමතක නොකළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂයට හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අවශ්‍ය විදියට 19 වන ව්‍යවස්ථා සංශෝධනය හැදුවා කියලා දැන් සමහරු කියනවා. නමුත්, ඒක මුළුමනින්ම විහිළු සහගත ප්‍රකාශයක්. එක එක පුද්ගලයෝ දිහා බලාගෙන රටක ව්‍යවස්ථා හදන්න බැහැ. දේශපාලන බලය කියන දේ සදාතනික නැහැ කියලා සමහරුන්ට නොතේරුනාට ඒ පිළිබඳව හොද අවබෝධයක් අපිට තියෙනවා.

විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හදුන්වා දුන් එක්සත් ජාතික පක්ෂය එහි බලතල කප්පාදු කිරීමට කථා කිරීම සම්බන්ධයෙන් සමහරු අද පුදුමයෙන් යුතුව කථා කරනවා. එදා ජේ.ආර් ජයවර්ධන මහත්තයා විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හදුන්වා දෙත්දි තිබූ තත්ත්වයට වෙනස් ම සන්දර්භයක් තමයි අද රටේ තියෙන්නේ.

1977 දී අපේ රටට අන් කවර කාලයකටත් වඩා ආර්ථික සාමාජීය හා දේශපාලන ස්ථාරවත්වයක් අවශ්‍යව තිබුණා. ඒ නිසාම එතුමා ඇමරිකානු ජනාධිපති ක්‍රමයේත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයේත්, ප්‍රංශ ජනාධිපති ක්‍රමයේත් මිශ්‍රණයක් ලෙස විධායක ජනාධිපති ක්‍රමය මේ රටට හදුන්වා දුන්නා. ජේ.ආර් ජයවර්ධන මහත්මයා 78 ව්‍යවස්ථාව යටතේ උපරිම බලයක් ලබා ගත්ත ද ඒ මහතා කිසි විටක කැබිනට් ක්‍රමය හෝ පාර්ලිමේන්තුව දුර්වල කරන්නට උත්සාහ කළේ නැහැ.

තමන්ගේ ඥාති හිතවතුන් ට, දේශපාලන හෙන්චයියන් ට ජනාධිපති උපදේශක තනතුරු ලබා දෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා රට පාලනය කිරීමට එතුමා කටයුතු කළේ නැහැ. එතුමා නිතරම තමන්ගෙන් පසු මේ ධුරයට පැමිණෙන පුද්ගලයන්ට ආදර්ශයක් වන විදියට එම ධූරයේ වගකීම් ගරු ගාම්භීරව ඉටු කිරීමට උත්සාහ කළා.

1978 මැයි 31 වන දින ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවයේ දී එතුමා කරපු කථාවේ දී මෙහෙම කියලා තිබුණා. “මම ඡන්දයෙන් තේරුණු පළවෙනි විධායක ජනාධිපති. රාජ්‍ය නායක සහ ආණ්ඩුවේ නායකයා ද වෙමි. එය ප්‍රබල පදවියක් වන අතර, එමෙන්ම එය වගකීම් සහිත පදවියක් ද වේ. මට පසුව අන්‍යයන්ද මෙම පදවිය දරනු ඇත. එහෙයින් මගේ පදවි කාලයේ දී අනුගමනය කිරීමට වටිනා පූර්වාදර්ශ සපයනු කැමැත්තෙමි. පළමුව මම නිරතුරුවම කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව තුලින් කටයුතු කරන්නෙමි. ඒ සමගම පෙර පැවැති ලෙස කිසිදු අඩුවකින් තොරව පාර්ලිමේන්තු ක්‍රමය සංරක්ෂණය කරන්නෙමි (ජේ.ආර් ජයවර්ධන චරිතාපදානය – තුන්වන වෙළුව 108 පිටුව)

ජේ.ආර් ජයවර්ධන මහත්මයා විධායක ජනාධිපති ක්‍රමය මේ රටට හදුන්වලා දුන්නේ විධායක බලය අත්තනෝමතික ලෙස භුක්ති විදීමට නොව තමනට ලැබුණු බලය හරහා ශක්තිමත් රටක් ගොඩ නැංවීමට බව හරි පැහැදිලියි. එවැනි පසුබිමක්, ඉතිහාසයක් තුල පසුගිය කාලයේ විධායක ජනාධිපති ක්‍රමය ඔස්සේ මේ රට පාලනය වූ හැටි ඔබට අමුතුවෙන් මා විස්තර කළ දිය යුතු නැහැ.

ව්‍යවස්ථාපිත රජෙක් :

විශේෂයෙන් ම 18 වන සංශෝධනය හරහා රටේ විධායක ජනාධිපතිවරයා ව්‍යවස්ථාපිත රජෙකු බවට පත් වුණා. සියළු කටයුතු රටේ සිද්ධ වුණේ ඒ රාජ නියමයට අනුවයි. රටේ අණ නිකුත් කරන්නාගේ අණ හා කරුණාව මත පමණක් සියල්ල ක්‍රියාත්මක වන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදයට, යහපාලනයට කිසිදු ඉඩක් නැහැ. අපි මෙම ව්‍යවස්ථා සංශෝධනය දෙස බැලිය යුත්තේ, එය කියවිය යුත්තේ ඒ අමිහිරි අතීත අත්දැකීම් ද සමගයි.

විධායක බලය සිය දුෂ්ට බල අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට එරෙහිව යොදා ගත් අවස්ථා රැසක් පසුගිය කාලයේ දැක ගැනීමට ලැබුනා. ඇතැමුන් තම පවුලේ බලය තහවුරු කර ගැනීම සදහාත් අතිශය දුෂ්ට ආකාරයට එය යොදා ගත්තා. ඒ වෙනුවෙන් විහාර දේවාලගම් පනත පවා සමහරු වෙනස් කළා. එවැනි ඉතිහාසයක් තුල තව දුරටත් යළි යළිත් එවැනි වැරදි, විෂමාචාර සිදුවීමට ඉඩක් තිබිය යුතු නැහැ. කුමන දේශපාලන මති මතාන්තර දැරුවද ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය අගයන්නන් ලෙස අප කළ යුත්තේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී හා විධායක බලය පාර්ලිමේන්තුවට පැවරෙන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමයි. සීයට සීයක් නොවුණත් ඒ සදහා මුල පිරීමක් මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදු වෙනවා.

මේ සමගම අළුත් මැතිවරණ ක්‍රමයක් ගෙන ඒම වෙනුවෙන් 20 වෙනි සංශෝධනයක් ගෙන ආ යුතු බව සමහරු කියනවා. එජාපය ඒකට අකමැතියි කියලා මතයක් හදන්න සමහරු උත්සාහ කරනවා. ඒක වැරදි ප්‍රචාරයක්. නව මැතිවරණ ක්‍රමයක් ගෙන ආ යුතු බව වන තර්කයට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. නමුත්, මැතිවරණ ක්‍රමයක් වෙනස් කිරීම ආප්ප බානවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

එවැනි බැරෑරුම් කාරණයක් සම්බන්ධයෙන් රටේ සියළු ජන කණ්ඩායම්, දේශපාලන පක්ෂවල, එකඟතාවක් තිබිය යුතුයි. අනිවාර්යයෙන් ම ඒ එකඟතාව ලබා ගැනීම සඳහා පුළුල් සංවාදයක් රට තුල සිදු විය යුතුයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙවැනි දෑ සිද්ධ වෙන්නේ එහෙමයි. වඩාත් සාධාරණ නිවැරදි හා සියළු අවශ්‍යතාවයන් පිළිඹිබු කරන මැතිවරණ ක්‍රමයක් සකසා ගත හැක්කේ එවැනි ක්‍රියාවලියක් තුලයි. අපිට මතකයි මීට පෙර මැතිවරණ ක්‍රමයේ වෙනසක් ගැන යෝජනා කළ දිනේෂ් ගුණවර්ධන කමිටුව දීර්ඝ කාලයක් ඒ පිලිබඳව සාකච්ඡා පවත්වමින් ඒ කටයුත්ත සිදු කළා.

මජර දුෂ්ට ක්‍රමය සමග තවදුරටත් ඉදිරියට :

මේ තීරණාත්මක මොහොතේ දී මහජන නියෝජිතයන් ලෙසට අපට වගකීමක් පැවරී තියෙනවා. ඒ, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින්, ඉදිරි ගමනක් යනවා ද නොඑසේ නම්, මේ පවතින මජර දුෂ්ට ක්‍රමය සමග තව දුරටත් ඉදිරියට යනවා ද කියන දේ තීරණය කිරීමයි.

අපි මේ උදා වී ඇති ස්වර්ණමය අවස්ථාව අහිමි කර ගතහොත් එය අන්තිම බස් රථය මග හැරීමක් වන එක වළක්වන්න බැහැ. මෙය ස්වර්ණමය අවස්ථාවක් වෙන්නේ තම බලතල කප්පාදුවකට රටේ ජනාධිපතිවරයාත් එකග වී සිටීමයි.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ ඒ වැඩ පිලිවෙලට එම පක්ෂයේ මන්ත්‍රීවරු සහාය දක්වන්නේ නම් පළමුව කළ යුත්තේ මේ උත්සාහයට කකුලෙන් නොඇද ඊට සහාය දැක්වීමයි. එහෙම නොකළහොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට හවුල් වූ පිරිසක් ය කියලා අනාගතයේ දී එල්ල වන අපවාදයෙන් ගැලවීමට ඔබලාට නොහැකි වේ වි.

ඒ නිසා හැගීම්බර නොවී රටේ මතු දියුණුව අනාගත පරම්පරාව ගැන අවධානය යොමු කරමින් බුද්ධියට තැන දෙමින් මෙම ව්‍යවස්ථා සංශෝධනය පිලිබදව ඔබේ තීන්දුව ගන්නා ලෙස මම මෙම ගරු සභාවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ස්තූතියි.